Thursday, June 28, 2012

සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා තුන ඊයේ (27 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මත වන පරිදි විසුරුවා හැරුණි.
ඊට අදාළ ගැසට්‌ නිවේදනවලට උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, සබරගමුව පළාත් ආණ්‌ඩුකාර වි. ජ. මු. ලොකුබණ්‌ඩාර හා නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම යන මහත්වරු ඊයේ දහවල් අත්සන් තැබූහ.
ආණ්‌ඩුකාරවරු තිදෙනා ජනාධිපති ලේකම් කාර්යාලයේදී විසුරුවා හැරීමට අදාළ ගැසට්‌ නිවේදනවලට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පළාත් සභා තුන මෙම මස අන්තිමේදී ස්‌ථිර ලෙසම විසුරුවා හැරෙන බව මෙයට පෙර 'දිවයින' මගින් අනාවරණය කරන ලදී.
පළාත් සභා තුනේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර්Êමස මුල් දින දහය ඇතුළත පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේදීත්, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවල නිල කාලය ලබන වසරේÊසැප්තැම්බර් මාසයේදීත් අවසන් වීමට නියමිතව තිබිණි.
එහෙත් නිල කාලය අවසන් වීමට පෙර ප්‍රධාන ඇමැතිවරුන්ගේ දැනුම් දීම මත පළාත් සභා විසුරුවා හැරීමට ආණ්‌ඩුකාරවරුන්ට බලය ඇත. ඒ අනුව මෙම විසුරුවා හැරීම සිදුකර තිබේ.
මැතිවරණ පැවැත්වීමට අදාළ නාම යෝජනා පත්‍ර කැඳවීමේ කාල වකවානුව හා මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment