Thursday, June 28, 2012

එල්ටීටීඊ රැඳවියෝ වව්නියාව බන්ධනාගාරයේ පාලනය අතට ගනිතිචමින්ද සිල්වා වව්නියාවේ සිටඉල්ලීම් කිහිපයක්‌ මුල් කරගෙන වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ එල්ටීටීඊ රැඳවියන් ඊයේ (27 වැනිදා) දහවල් සිට වව්නියාව බන්ධනාගාරයේ පාලනය සියතට ගෙන තිබිණි.ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරය තුළ රාජකාරියට සිටි නිලධාරීන් පිටතට යවා බන්ධනාගාරයේ රඳවා සිටින තුන්සියයක පමණ පිරිසක්‌ එක්‌ව මෙලෙස බන්ධනාගාරයේ පාලනය සියතට ගෙන තිබිණි.මෙහිදී කිලිනොච්චි එල්ටීටීඊ අධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අලගරත්නම් සහ මුහුදු කොටි නායකයකු වන සරනභවාන් ඇතුළු තවත් එල්ටීටීඊ රැඳවියකු ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශනය සඳහා පෙරේදා (26 වැනිදා) රැගෙන යැමෙන් පසු ඔවුන් නැවත වව්නියාව බන්ධනාගාරය වෙත ගෙන එන තෙක්‌ බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාරය තුළට නොඑන ලෙස පාලනය ගෙන තිබෙන එල්ටීටීඊ රැඳවියන් පවසා ඇත. බන්ධනාගාරය සියතට ගෙන සිටින එල්ටීටීඊ රැඳවියන් බන්ධනාගාරයේ සිරකුටිවල ජනෙල් කපා යකඩකූරු, පොලු, උල්කටු රැගෙන ප්‍රධාන ඡේලර්වරයා භාරයට ගෙන ත්‍රස්‌ත විමර්ශන අංශයට රැගෙන ගිය එල්ටීටීඊ රැඳවියන් ගෙනෙන තෙක්‌ රඳවා තබාගැනීමට සතී නමැති කොටි නායකයා කළ උත්සාහයක්‌ හෙළිවීම නිසා ප්‍රධාන ෙලර්වරයා බන්ධනාගාරයෙන් පිටත තබාගැනීමට සෙසු නිලධාරීන් සමත් විය.මෙම සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ දැනුම්දීම මත වව්නියාව මහෙස්‌ත්‍රාත් ඇලෙක්‌ස්‌ රාජා මහතා පැමිණ විසඳුමක්‌ ලබාදීමට උත්සාහ කළ මුත් එයද ව්‍යර්ථ වී තිබිණි.මෙම තත්ත්වය ඊයේ (27 රාත්‍රියේ) පුවත්පත මුද්‍රණය වනතෙක්‌ පැවැති අතර සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව හා පොලිසිය දැනුවත් කිරීමට පියවර ගත් බව බන්ධනාගාර උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

No comments:

Post a Comment